කොලිවුඩ් නළුවා කොවිඩ් වැළඳී මරු දකී

කොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු වූ නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි (විජයකාන්ත්) අභාවයට පත්ව තිබෙනවා.

DMDK නම් තමිල්නාඩු පක්ෂයේ නිර්මාතෘවරයාද වූ ඔහු මිය ගොස් ඇත්තේ කොවිඩ්වලින් බවයි කියැවෙන්නේ.

අතිවිශාල දෙමළ සිනමාපට ප්‍රමාණයක රඟපා ඇති විජයකාන්තගේ අභාවයෙන් කොලිවුඩ් රසික ප්‍රජාව කම්පාවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71 ක් බවයි පැවසෙන්නේ.

2020 වසරේදී ද ඔහුට කොවිඩ් වැළඳී තිබුණු අතර එයින් ඔහුට හානියක් සිදු නොවූ බව මාධ්‍ය වාර්තා කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles