තම ගුවන් සීමාව උල්ලංඝනය කරන ඇමෙරිකානු ඔත්තු යානාවලට වෙඩි තබන බව උතුරු කොරියාව පවසනවා.
ඒ ඇමෙරිකා ඔත්තු බැලීමේ යානාවක් උතුරු කොරියා ගුවන් සීමා උල්ලංඝනය කළ බවට තොරතුරු හෙළි වීමත් සමගයි.
ඒසේම එම යනා වෙඩි තබා බිම හෙළන බවට ද උතුරු කොරියාව අනතුරු අඟවනවා
මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන උතුරු කොරියාව අනතුරු අඟවන්නේ ඇමෙරිකාවට තම රට න්‍යෂ්ටික යුද්ධයකට පොළඹවා ගැනීමේ සැලසුමක් ඇති බවයි.