කොරියානු රැකියා සඳහා මෙරට පුහුණු ශ්රමිකයන් වෙනුවෙන් ලබා දී ඇති කෝටාව තවදුරටත් වැඩි කිරීමට පියවර ගන්නා බව කොරියානු කතානායක කිම් ජින් පියෝ දන්වා තිබෙනවා. ඒ මෙරට කතානායක මහින්ද යාපා අබේවර්ධනටයි.
කොරියානු කතානායකවරයාගේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක යෙදී සිටින මෙරට කතානායකවරයා කොරියාවේ සෝල් නුවර එරට ව්යවස්ථාදායකයේදී හමු වූ අවස්ථාවේදී රැකියා කෝටාව ගැන මෙම ඉල්ලීම කර තිබෙනවා.
මේ වන විට 20000කට අධික මෙරට පුහුණු ශ්රමික පිරිසක් කොරියාවේ සේවය කරන බවත් එය ක්රමයෙන් වැඩි කළ කෝටාවක් බවත් එහිදී එරට කතානායකවරයා පවසා තිබෙනවා.