කුලියාපිටිය ඝාතනය:සැකකරුවන්ට දුන් අධිකරණ නියෝගය

කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට අදාළව වරින්වර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින සැකකරුවන් 10දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් අද (27) නියම කළා.

කුලියාපිටිය සුසිත් ජයවංශ නැමැති තරුණයා ඝාතනය කර පනිරෙන්ඩාව රක්ෂිතයට ගෙනවිත් දැමීම සම්බන්ධව කුලියාපිටිය පොලීසිය ගොනුකර තිබූ නඩුව අද නැවත කැඳවූ අවස්ථාවේදී එම නියෝගය කරනු ලැබුවා.

මෙම ඝාතනයේ එක් සැකකරුවෙක් වන සිඟිතිගේ මස්සිනා ඇතුළු කිහිප දෙනෙකුට සැඟව සිටීමට උපකාර කළැයි කියන 10වන සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ චන්දන යාපා කියා සිටියේ පොලීසිය කරුණු කියා ඇති ආකාරයට තම සේවාදායකයා ඝාතනයෙන් පසුව සැකකරුවන්ට උපකාර කර ඇති බවය.

එසේ තිබියදී ඔහුට මිනීමැරුම් චෝදනාව එල්ලකර ඇති බවත් එය සංශෝධනය කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුවන් දස දෙනාගෙන් කවුරුන්, කොහේදී, කෙසේ එම තරුණයාව ඝාතනය කළාද යන්න මේ වනවිටත් පරීක්ෂණ මට්ටමේ ඇති බවත් ඔහුගේ මළ සිරුර පිළිබඳ හලාවත මූලික රෝහලේ සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ ද මේ වනතෙක් අවසන්ව නොමැති බවත් පොලීසිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මෙම ඝාතනය මනාව සැලසුම්කරමින් සූක්ෂ්ම අන්දමින් සිදුකර ඇති බවත් අදාළ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවසන් නොමැති බවත් පොලීසිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles