සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම දේශපාලන පිල් මාරුවක් සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග ඔහු සාකච්ඡා කර ඇති බව කියැවෙනවා.
ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් බිඳී ගියේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ගෙනා බැවිනුයි.
කෙසේ වෙතත්, ශ්රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පරාභවය සටහන් කරමින් තිබෙන මොහොතක මෙම පිල්මාරුව වෙල්ගමගේ දේශපාලනයේ තීරණාත්මක ලක්ෂයක් වනු ඇතැයි විචාරකයෝ පවසනවා.