කුවේට් : ශ්‍රී ලාංකිකයෙකු එල්ලා මරයි

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ලදැයි කුවේටය ශ්‍රී ලාංකිකයෙකු එල්ලා මරා දමා තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. ඔහුත් සමග තවත් සිව් දෙනෙකු එලෙසම මරණයට පත් කර තිබෙනවා. 2015 දී ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අයෙක් ද ඒ්‍ අතර වෙනවා. මෙම ප්‍රහාරයෙන් 27 දෙනෙක් මිය ගිය අතර සිය ගණනක් තුවාළ ලැබුවා.

මොවුන්ට මරණ දඬුවම ලබා දී ඇත්තේ කුවේට් මධ්‍යම බන්ධනාගාරයේදී යි. පසුගිය නොවැම්බරයේදී සිරකරුවන් සත්දෙනෙකුට කුවේටය විසින් මරණ දණ්ඩනය ලබා දුන්නා. කෙසේ වෙතත් අනෙක් එම කලාපයේ රටවලට සාපේක්ෂව කුවේටයේ මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ අඩුවෙන් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මේ මරණ දණ්ඩන සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ගල්ෆ් කලාපයේ මරණ දණ්ඩන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් ඒවා නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles