නැගෙනහිර පලාතේ ඇති රාජ්‍ය ආයතනයකට මුදල් ලබාගෙන අනියම් කම්කරුවන් විශාල ප්‍රමාණයක් ඇතුල් කර ඇති කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ගැන මැතිවරණ කොමිසන් සභාවේ සහ අල්ලස් කොමිසමේ විශේෂ අවධානය යොමු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග “ලංකා ලයින් ” වෙත අනාවරණය කළා.
සිය කැබිනට් ඇමතිවරයාද නොමග යවමින් ඔහු මෙම ක්‍රියාදාමයේ නිරතවෙමින් සිටි අතර මැතිවරණ සමයේදී එම කටයුතු එලෙසින්ම සිදු කරගෙනයාමේදී මැතිවරණ කොමිසන් සභාවට මේ ගැන පැමිණිලි ලැබී තිබෙනවා.
පසුව එම කොමිසම විසින් මෙම ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් ලබා දුන් පත්වීම් කිහිපයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
කම්කරු පත්වීම ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ශ 10 ක මුදලක් පිරිස අතර හුවමාරු වන බවද සඳහන්.