වසර 14කට පසු කම්කරු පක්ෂයට ජය : සුනක් පරාජය භාර ගනී

ජාතික මැතිවරණයේදී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව රිෂි සුනක් පවසනවා.

මැතිවරණයේ මෙතෙක් නිකුත්කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණය කළ විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය ආසන 170ක පමණ බහුතරයකින් ජයගැනීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව Keir Starmer බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා පත්වීමට නියමිතයි.

කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලය ලබාගෙන ඇත්තේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්.

ලන්ඩනයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් Starmer “වෙනස දැන් ඇරඹෙනවා” යනුවෙන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් තවත් ආසන 150ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles