ශ්‍රී ලංකා ක්‍රිකට් අවුල් කළ ළහිරුගේ කමෙන්ට් එක

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න විසින් පසුගිය ජූලි 22 වැනි දා තමා ටෙස්ට් තරඟවලින් සමුගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. ඒ සම්බන්ධව ඊයේ එනම් අගෝස්තු 18 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ. එහෙත් හදිසියේ ඊයේ දිනයේ ඔහුගේ සමුගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගගේ ටෙස්ට් පිටියෙන් සමුගැනීම පිළිබඳව අගෝස්තු 15 දින දන්වා තිබූ විට ක්‍රිකට් ආයතනය මගින් ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වා නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය පළවූ තැනක ළහිරු තිරිමාන්න විසින් පහත අන්දමේ ප්‍රතිචාරයක් ඊට එක් කර තිබුණා.

“Wow actually they replied for someone’s retirement”

(අඩු ගාණෙ කාගෙ හරි සමුගැනීමක් ගැන එයාලා ප්‍රතිචාරයක් දක්වලා තියන එක නම් නියමයි.)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ළහිරු තිරිමාන්නගේ ටෙස්ට් සමුගැනීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ තිරිමාන්නගේ එම ප්‍රතිචාරයෙන් පසුව වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවිධ ක්‍රීඩකයන්ට විවිධ ආකාරයෙන් සැලකීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවට චෝදනා නැගෙන්නේ මෙවැනි සිදුවීම් නිසා බව තතු දත් ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles