ලලිත්-තිලක් සජිත්ට සහය දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහයෝගය දක්වන බව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන තමන් ද සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් ඔවුන් කියා සිටිනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 ම හොරු නොවන බව කී ලලිත් එල්ලාවල පැවසුවේ ‘හොරු නොවන අපි’ ලෙස නව සන්ධානයක්ද ආරම්භ කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles