ලංගම මගඩි එළියට : කෝටි 10ක් වැයකර නිෂ්පාදනය කර ඇත්තේ ටයර් 8997යි!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 300ක් අලුත්වැඩියා කිරීම සඳහා 2022 වර්ෂයේදී රුපියල් කෝටි 24ක පමණ මුදලක් වෙන්කර ඇති නමුත් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ බස් රථයක 180ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.

ප්‍රාදේශීය වැඩපොළ සහ ඩිපෝවලින් බස් රථ 300 අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කරනු ලැබුවේ මහා භාණ්ඩාගාරය සහ ගමනාගමන මණ්ඩලය එක්ව බවද එහි දැක් වෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අම්පාර පෙරසවි ටයර් කර්මාන්තශාලාවෙන් පෙරසවි ටයර් නිෂ්පාදනය කිරීමේදී රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැඩියෙන් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම කටයුත්ත සඳහා මහා භාණ්ඩාගාරය සහ ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 11 කට වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඉන් කෝටි දහයකට වැඩි මුදලක් වැය කර ටයර් 8997ක් පමණක් නිෂ්පාදනය කර තිබූ බව වාර්තාව සඳහන් වෙනවා.

මණ්ඩලය සඳහා බස් රථ එන්ජින් කට්ටල 840 ක් වාර්ෂිකව අලුත්වැඩියා කර ධාවනයට යෙදවීමට සැලසුම් කර ඒ සඳහා භාණ්ඩාගාරය සහ මණ්ඩලය 2022 වර්ෂයේදී රුපියල් කෝටි 66 ක් වෙන්කර තිබුණද අලුත් වැඩියා කර ඇත්තේ බස් රථ 254 ක් බව වාර්තාවේ දැක් වෙනවා.

ඒ සඳහා වැය කර තිබූ මුදල රුපියල් කෝටි අටක් පමණ වන අතර අපේක්ෂිත නිමවූම් ඉලක්කය 70%න් පහළ යෑම හේතුවෙන් ඉලක්කගත පරිදි බස්රථ ධාවනයට එකතු කරගැනීමට නොහැකිව තිබූ බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles