කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙණිය පල්ලිය ආසන්නයේ වංගුවේදී ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා වතුපිටිවල හා වරකාපොල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන්ගත් උඩහමුල්ල ඩිපෝවට අයත් බස් රථයක් හා ගලෙන්බිදුනුවැව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් බවයි සඳහන් වන්නේ.
පොලිසිය හා ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මකවී තුවාලකරුවන් රෝහල් කරා යැවීමට පියවර ගෙන ඇති අතර ඉතාමත් සුළු තුවාල ලැබූ කිහිප දෙනෙක් බාහිර ප්‍රතිකාර ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
බස් රථ දෙකේ රියදුරන්ද තුවාල ලබා ඇති බව අනාවරණය වී ඇති අතර එක් රියදුරකු අනතුරින් පසු පලාගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි හෙලි කර ගැනීමටද පරීක්ෂණ මෙහෙයවන බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම අනතුර නිසා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් අවහිරවී පැවතිණු අතර පුද්ගලයන් 15 ක් රෝහලට ඇතුලත් කර ඇති බවත් තුවාලකරුවන්ගේ තත්තවය බරපතල නොවන බවත් සඳහන්.