කලාපීය බලශක්ති ජාලයට ශ්‍රී ලංකාව සම්බන්ධ වෙයි ද?

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය සහිත ත්‍රෛපාක්ෂික බලශක්ති ජාලයට ශ්‍රී ලංකාව ද සම්බන්ධ කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. 2030 වන විට එම සම්බන්ධය ලබා ගැනීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මේ කලාපීය බලශක්ති ඒකාබද්ධතාව වෙනුවෙන් වසර 20ක් පමණ සාකච්ඡා පැවැත්වී තිබෙනවා. දැනට නේපාලය සහ බංග්ලාදේශය ඉහත සම්බන්ධතාව ලබා ගෙන තිබුණ ද ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වී නැහැ. කෙසේ වෙතත් වත්මන් රජය ඊට ප්‍රමුඛතාවය ලබා දී තිබෙනවා. විදුලි සම්ප්‍රේෂණය සහ ඛනිජතෙල් නල මාර්ග ද ඊට ඇතුළත්. මෙහි අපේක්ෂාව වන්නේ කලාපයේ සියලු සංවර්ධනය වෙමින් පවතින රටවලට ආර්ථිකයන් පුනර්ජීවනය කිරීම වෙනුවෙන් බලශක්තිය අඩු පිරිවැයකින් ලබා ගැනීමයි.

පසුගිය අර්බුද සමයේ ඉන්දියාව සහ අනෙකුත් කලාපීය බලශක්ති ජාලයක් සමඟ වන සම්බන්ධකමේ වටිනාකම මෙරටට වැටහුණු බව විශේෂඥ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles