ලන්සාගේ අලුත් “ලයින් එකට” ගම්පහදී පලු යන්න බැණුම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් සහ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන ව්‍යාපාරයේ නිල කාර්යාලය ඉදිරි සතියේ රාජගිරිය ප්‍රදේශයේදී ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ලන්සාගේ අලුත් දේශපාලන ලයින් එකේ අනුර යාපා මූලිකයෙක්. ඔවුන්ට අමතරව මහින්ද අමරවීර, දුමින්ද දිසානායකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සම්බන්ධ වෙලා බරක් අදිනවා කියලයි ආරංචි වෙන්නෙ. දැනට ඉන්ඩිපෙන්ඩන් ලයින් එකේ ඉන්න මන්ත්‍රීවරු 69න් 40ක් විතර මේ ලන්සා ලයින් එකට සෙට් වෙලා කියලා Lankaline Political Gossip අපට ආරංචි වුණා. ලන්සලාගේ උත්සාහය මේක 50ක් කරගන්න කියලයි කියන්නෙ.

පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේ දී විමල්,උදය,ලන්සා,මධුර ඇතුළු මන්ත්‍රී පිරිසක් සහ ඇමති නලින් සුහද කතාබහක කෝපි කෝප්පයක රස බලද්දි මේ ලන්සා ලයින් එක ගැන කතාව ඇදුණා.

“ඔයා අලුත් වැඩේ ගැන මේ දවස්වල මන්ත්‍රීවරුන්ට කතා කර කර යනවා කියලා මටත් කීප දෙනෙක්ම කිව්වා” එහෙම ඇහුවෙ විමල්.
“ඔව් ඔව් මම කතා කරනවා හැබැයි ඔබතුමා පක්ෂ නායකයෙක් නේ මම ඉතින් ජනාධිපති අගමැති සිහින වල ඉන්න අයට නං කතා කරන්නේ නැහැ ” ලන්සා හිනාවෙවී කිව්වා.
“කවුද කියන්නේ මම ජනාධිපති අගමැති සිහින වල ඉන්නවා කියලා, අනේ මට නං එහෙම නෑ.ඔයා කියන විදියට දැන් කවුද ඒ සිහිනවල ඉන්නේ”
අනික් මන්ත්‍රීවරුත් බලා හිටියෙ ලැයිස්තුව කියනකම්.
“ඉතිං දන්නේ නැද්ද ඒ අය කවුද කියලා විජයදාස රාජපක්ෂ,රොෂාන් රණසිංහ,දයාසිරි ජයසේකර “වගේ කට්ටිය තමයි ඉතින් ඔය වගේ සිහින වල ඉන්නේ කියලා ලන්සා කිව්වෙ ඒ පැත්තට එන රොෂාන් රණසිංහ දිහා බලලා.
“කට්ටිය ලන්සගේ අලුත් වැඩේ ගැන කතා කරනවා වගේ” රොෂාන් ආවෙම එහෙම කියාගෙන.
“නෑ නෑ අපි මේ කතා කර කර හිටියේ ඔබතුමා වගේ ජනපති-අගමැති සිහිනවල ඉන්න අය ගැන” ලන්සා එහෙම කියද්දි,
“ඔව් ඉතින් ඒකෙ වරදක් නෑ නේ අපිත් 2040 හරි ඒ සිහින වලට යන්න ඕනෑනෙ” කියලා රොෂාන් ඒක බාරගත්තෙ පිටට තට්ටුවකුත් දාගෙන.

ඒ අස්සෙ පහුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන කීපෙකම ආසන බල මණ්ඩල පිහිටෙව්වා. මේවට ආවෙ පොදුජන පෙරමුණේ දැන් වැඩි බරක් අදින්න වෙලා තියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා. මේ අතරවාරෙත් ලන්සාගේ අලුත් ලයින් එක ගැන මන්ත්‍රීවරු කසු කුසු ගාන්න ගත්තා. මේ කතාව ඇදලා අරන් ලන්සාගෙ පලු අරින්න පටන් ගත්තෙ ඉන්දික යි සරණ ගුණවර්ධනයි. හැබැයි අනික් කිසිම මන්ත්‍රී කෙනෙක් මේකට විරුද්ධව කට හොල්ලන්නෙ නැතුව ඉන්න පරිස්සම් වුණේ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles