ඉරාන – ඊශ්‍රායෙල් යුද උණුසුම ගැන නවතම තොරතුරු

ඉරානය සහ ඊශ්‍රායෙලය අතර යුද උණුසුමක් නිර්මාණය වී තිබෙනවා. එයට වෙනත් රටවල් ද සම්බන්ධ වී කලාපීය යුද්ධයක් ඇති වී තත්වය දරුණු අතට හැරෙතැයි බිය පළ වෙනවා.

මීට දින කිහිපයකට පෙර සිරියාවේ ඩැමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය විසින් පහර දී විනාශ කර දැමුණා. එයින් ඉරාන කොන්සල් කාර්යාලයේ 13 දෙනෙක් මිය ගියා. මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායෙලයේ හඳුනාගත් ඉලක්ක කිහිපයකට ඉරානය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඒ ඩ්‍රෝන සහ කෘෘස් මිසයිල යොදා ගනිමින්. කෙසේ වෙතත්, මෙම උණුසුම් තත්වයේදී ඇමරිකාවට පසෙකට වී සිටින්නැයි ඉරානය විසින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ අතර ඇමරිකාව විසින් ගල්ෆ් කලාපයට යුද නැව් කිහිපයක් යවා ඇත්තේ ඊශ්‍රායෙලයට සහය පළකිරීමක් වශයෙන්.

ඒ අතර ඉරාන නාවික හමුදාවේ විශේෂ කාර්ය බලකාය විසින් ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් හොර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ ඒරිස් නම් පෘතුගාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්පත් කරගනු ලැබුවේ එම නෞකාව ඊශ්‍රායෙලයට සම්බන්ධකම් ඇති බව කියමින්. මෙයට ඇමරිකාව සිය නොසතුට පළ කරනු ලැබුවා.

ඉරානය විසින් ඊශ්‍රායෙලයේ ඉලක්කවලට එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් ටෙහෙරාන් නුවර ස්ථාන කිහිපයකදී ජනතාව වීදි බැස සතුට පළ කරනු ලැබ තිබෙනවා.

ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායෙලයට එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල් විශාල ප්‍රමාණයක් විනාශ කිරීම කළත් තමන්ට ඉරානය සමඟ ගැටුමක් අවශ්‍ය නැති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කරනවා.

එහෙත් තම හමුදාවේ සහ ඊශ්‍රායෙලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට දෙවරක් නොසිතන බවද ඔහු ප්‍රකාශ කළා.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර විනාඩි 25ක පමණ දුරකතන සංවාදයක් පැවැති බව විදෙස් පුවත් ඒජන්සි වාර්ත කරනවා. එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානයට පහර දීමට ඇමරිකාව කිසිදු සහයක් නොදක්වන බවයි.

ඉරානයේ ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාරයන් එල්ලකිරීමට ඊශ්‍රායෙලය කටයුතු කළහොත් කලාපීය යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

හමාස් පරාජය කර සෑහීමකට පත් වන්නැයි නෙතන්යාහු වෙත බයිඩන් ජනපති විසින් දන්වා ඇති බව මාධ්‍ය වාර්තා පළ වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles