ඊයේ (07) සවස ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වෙනවා.
හැටන් කොළඹ ඒ 7 මාර්ගයේ දියගල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ගල් ඉවත් කරන තෙක් කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියලුම වාහන කළුගල ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙත් , මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියලුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයෙත් ධාවනය කරන ලෙස හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
දෙනියාය -රත්නපුර මාර්ගයේ ද අනින්කන්ද ප්‍රදේශයේ කන්දක් නාය ගොස් එම මාර්ගය ද සම්පූර්ණයෙන් වැසී ගොස් තිබෙනවා.
බිබිල-ලුණුගල මාර්ගයටද පස් කන්දක් කඩා වැටී එම මාර්ගය වසා දමා තිබෙනවා.
ලුණුගල – බදුල්ල මාර්ගයේ ද දැවන්ත කලුගලක් සමග පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර ඇති බවයි වාර්තා වන්නේ.
ජීවිත සහ දේපළ හානි වාර්තා නොවෙතත්, මේ නිසාවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.