සරසවි අනධ්‍යන සේවක වර්ජනයේ නවතම තත්ත්වය

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසනවා.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සමග කළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි එහි සම ලේකම් කේ.එල්.ඩී රිච්මන් සඳහන් කර සිටින්නේ.

“මැයි 2 ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මකයි. ඊයේ දිනයේ රාජ්‍ය අමාත්‍ය රාඝවන් සමග සාකච්ඡා වට දෙකක් පැවත්වුවා. රජය පැත්තෙන් විසඳුම් ලබාදෙන යෝජනා ඉදිරිපත් වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අවසාන විසඳුම ලෙස අපිට මෙය ලිඛිතව අවශ්‍යයි. ඒ චක්‍රලේඛය ලබාදුන් වහාම අපි වැඩවර්ජනය අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ලබාදෙන කල් වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට දින 34ක් ක්‍රියාත්මකයි අපේ වැඩවර්ජනය. ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles