පොලිසිය ප්‍රශ්න කළැයි නීතිඥයාට පයින් ගහලා: මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට

පොලිසිය විසින් කරන පුද්ගලයෙකුට කරන ලද පහරදීමක් වැළැක්වීමට ගිය නීතිඥයෙකුට ගුටි බැට දී අත්අඩංගුවට ගැනීමකට අදාළව එම නීතිඥයා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) අවසර ලබා දී තිබෙනවා.

පෙත්සම්කාර මොහොමඩ් නිබ්රාස් නසීර් බුත්ගමුව මංසන්ධියේදී, පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පුද්ගලයෙකුට පහර දෙනු දැක එය අනීතික බව පැවසීමට යෑමේදී ඔහුටද පහරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිඥයෙකු යැ යි පැවසූ විට උඹ නීතිඥයෙක් නෙවෙයි මොකෙක් වුණත් කමක් නෑ යනුවෙන් පවසා ඇති බවයි සඳහන් වන්නේ. සිර මැදිරියක රාත්‍රියක් පුරා රඳවා තබා පසුදා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

වැල්ලම්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් විජේසිංහ, වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ලෙස ඒ.ඒ.අයි. නිලන්ත එවක බස්නාහිර පළාත භාරව සිටි වත්මන් වැ.බ. පොලිස්පති දේශබන්දු සහ එවක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන අය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles