අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කිරීමේ සිද්ධියක් නිසා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියක අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක්.
ඊයේ (27) එම අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුලදී ඇය අධිකරණ ලේඛණාගාරයේ තිබු ඉඩම් නඩුවකට අදාල නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර කළ බවයි සඳහන් වෙන්නේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ලේඛනාගාරයේ රාජකාරියේ නිරතව සිටි අධිකරණ කාර්ය මණ්ඩලය නිලධාරීන් විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ඒම අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පොලිස් නිලධාරිනියන් සැකකාර නීතීඥවරිය පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇය විසින් සපා විනාශ කර තිබූ ලේඛන කොටස් කිහිපයක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.