සම්බන්ධන්ට නිවාඩු

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දී තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් යෝජනාව ස්ථිර කර තිබුණා.

91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන් මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles