සේවා අවශ්‍යතා සහ විදුලි සැපයීමේ අඛණ්ඩතාව වෙනුවෙන් ලං.වි.ම සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) දා සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලං.වි.ම වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර සිල්වා පවසනවා.
නව විදුලි පණතට විරෝධය පළ කරමින් ලං.වි.ම සේවකයන් අද සිට දින තුනක අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ විරෝධතාව වෙනුවෙන් බලධාරීන්ගේ ප්‍රතිචාර අසතුටුදායක නම් දැඩි ක්‍රියාමාර්ගවලට යෑමට වෘත්තීය සමිති තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.