තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයේ රැඳී සිටීමට තමා අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අද දින (22) පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා.
ඉදිරියේදී එම ධුරය භාරගන්නා කණ්ඩායම තීරණය කරන්නේ සාමාජිකයන් විසින් බව සභාපතිවරයා පැවසුවා. තමන් හැරෙන්නට මුළු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයම ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
තමන් ක්‍රිකට් කවුන්සිලයට ලිපි ලිවීම නෛතික බවත් එය අමුතු දෙයක් ලෙස සැලකීම පුදුමසහගත බවත් ඔහු පවසනවා. කෙසේ වෙතත් ක්‍රිකට් කවුන්සිලය තවදුරටත් තමා සහ තම කණ්ඩායම පිළිගන්නා බවයි ඔහු කියා සිටියේ.
ඇමති සහ ලෙජන්ඩ් කියා ගන්නා පුද්ගලයා ලෝක කුසලානය පවා කඩාකප්පල් කළ බව ශම්මි සිල්වා කියා සිටියා. තමන් හොරකම් කළා නම් ඩොලර් මිලියන 30ක් ක්‍රිකට් ආයතනයේ තිබෙන්නේ කෙසේදැයි ඔහු විමසුවා.
මෙම තත්වය නිසා ඩොලර් මිලියන 100ක පමණ අහිමිවීමක් රටට සිදුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා තවදුරටත් පවසා සිටියේ.