රට මුදාගත් නායකයාට සහයෝගය පළ කිරීමක් වශයෙන් තමා රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට සහය පළ කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසානායක පවසනවා.
ඌව පරණගමදී අඩුආදායම්ලාභීන්ට සහල් බෙදාදීමට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.
හාල් කිලෝ විස්සක් අඩු ආදායම්ලාභියෙකුට ලබා දීම ප්‍රශංසනීය බවයි ඇමැතිවරයා කියා සිටියේ.
තමා වසර 27ක් ශ්‍රීලනිපයේ සිටියත් ආර්ථික වශයෙන් රට මුදාගත් නායකයාට සහය පළ කිරීමට තීරණය කළේ, බංකොලොත් වී තිබුණු රට භාරගැනීමට නොහැකිව නායකයන් පැන ගොස් තිබුණු මොහොතක අභියෝගය භාරගත් රනිල් වික්‍රමසිංහට කෘතගුණ සැලකීම කළ යුතු නිසා බවයි ඇමැතිවරයා පවසන්නේ.