2024 Legends Cricket Trophy තරඟාවලිය එළඹෙන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
2024 Legends Cricket Trophy තරඟාවලිය එළඹෙන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මාර්තු මස 08 වැනි දා සිට දින 14ක කාලයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය, කුසලාන එළි දැක්වීම පසුගියදා කොළඹ හිල්ටන්හිදී සිදු කෙරුණා.
ශ්‍රී ලංකාව, පකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවලින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබෙනවා.
හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරක ෆර්වේස් මහරූෆ්ගේ මූලිකත්වය යටතේ ඊයේ පැවැත්වුණු මෙම වැඩසටහනට චමින්ද වාස් සහ තිසර පෙරේරා ද සහභාගී වී තිබුණා.
පසුගිය වසරේ ඉන්දියාවේ දී ආරම්භ වූ මෙම තරගාවලියේ දෙවැනි අදියර ලෙස මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලිය පන්දු 90 ආකෘතියක් (එක් ඉනිමක් පන්දු 90කට සීමා වේ) යටතේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
- රුවන්ත රන්දික