තම සමාගමේ මත්පැන් මිල සංශෝධනය කළ බව Distilleries Company of Sri Lanka PLC පවසනවා.
එම සංශෝධනවලට අනුව 750ml මත්පැන් බෝතලයක් රුපියල් 90කින් ඉහළ යන අතර මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා තිබෙනවා.
වැට් බදු සංශෝධනය හේතුවෙන් ඉහළ දැමෙන මෙම මිල ගණන් ජනවාරි 01 සිට ක්‍රියාත්මක වෙනු ඇති.