ප්‍රදේශ කීපයක මත්පැන් අලෙවිසැල් වසා දමයි

තෛපොංගල් දිනයයේ දී (15) දා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා ‌වෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් මේ බව දැනුම් දී ඇති අතර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් රාජ්‍ය අමාත්‍යවරයා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව තෛපොංගල් දිනයේ දී මෙම දිස්ත්‍රික්වල මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය ගත් බවයි සඳහන් වන්නේ.

එලෙස සිදු කිරීමෙන් මත්පැන් අලෙවිසැල්වල සේවය කරන සේවකයින්ට එදින සිය පවුලේ අය සමඟ කාලය ගත කිරීමේ අවස්ථාව උදා වන බව ද රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles