ලිට්‍රෝ සමාගම ලාභ ලබයි

ලිට්‍රෝ සමාගම වසර තුන හමාරකට පසු රුපියල් කෝට් 150ක් ලාභ ලබා ති‌බෙනවා.

එම මුදල් මව් සමාගම වන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා මහා භාණ්ඩාගාරයට ලබාදුන් බව ද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරනවා.

2019 වසරේ සිට රුපියල් කෝටි 1400 ක පාඩුවක් සහ රුපියල් කෝටි 1000 ක මුදලක් ණය බරව සිටි සමාගම වසරක් වැනි කෙටි කාලයක් තුළ ලාභ ලබන තත්ත්වයට පත් කළ බවයි ඔහු පවසන්නේ.

ඒ රුපියල් 5000 වැනි මිලකට තිබූ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2900 දක්වා අඩු කරමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles