ජීවිත අනතුරේ: ජවිපෙ ආරක්ෂක උපක්‍රම වෙනස් කරති

ජාතික ජනබලවේගයේ නායකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන උපක්‍රම වෙනස් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඔවුන්ගේ ජීවත සම්බන්ධ තර්ජන එල්ලවෙමින් තිබෙන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.

දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ තමන්ට අනන්‍ය වූ ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන අතර, නව තත්වයන් යටතේ ඒවා වෙනස් කළ යුතු බවට ඔවුන්ට සම්බන්ධ වී සිටින ඉහළ හමුදා නිලධාරීන් උපදෙස් දී ඇති බව කියැවෙනවා. මේ නිසා නව සැලසුම් සහ ක්‍රමවේද ඉදිරියේදී යොදාගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles