මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට සැකකෙරෙන “ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (29) සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සොයා ගෙන තිබෙනවා.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ තමන් කලක පටන් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුකළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා බඩල්ගම පොලීසියට අධිකරණයෙන් අවසර දී තිබෙනවා.