ශ්‍රීලනිපයට අගුළු දමයි : දයාසිරි මහ පාරේ සිට වැඩ භාරගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (05) උදෑසන ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ සිට පක්ෂ මහ ලේකම් ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඒ එම මූලස්ථානයට ඇතුළු වීමේ දොරටුව අගුළු දමා වසා දමා තිබීම හේතුවෙන්.

ඔහු ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීම හේතුවෙන් පක්ෂ කාර්යාලය හා ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා.

දයාසිරි ජයසේකර එම පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස ගෙන තිබූ තීරණය කොළඹ දිසා අධිකරණය විසින් වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ පෙරේදා (03) දිනයේදියි.

නමුත් ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන නිමල් සිරිපාල සිල්වාගේ පාර්ශ්වය විසින් දයාසිරි ජයසේකරගේ මහ ලේකම් ධුරය යළිත් අත්හිටුවනු ලැබුවා.

අද දිනයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රීලනිප මහ ලේකකම්ධූරයේ වැඩ භාරගනු ලැබුවේ එවැනි පසුබිමක් තිබියදීයි.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසල ගැටුමක් ඇතිවේ යැයි අනුමාන කර පොලිසිය ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles