ලොහාන් සහ රෂී ප්‍රභා යළි රිමාන්ඩ්

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

එම නියෝගය ලබාදුනනේ ඔවුන් අද (07) නුගේගොඩ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගනු ලැබූවේ පසුගිය ඔක්තෝබර් මස 31 වෙනිදායි.

පසුව ඉකුත් 04 වෙනිදා ඔහුගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු බන්ධනාගාර ගත කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles