බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
එහිදී අධිකරණය නියෝග කර තිබුණේ ඔහුව එළඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
ලොහාන් රත්වත්තේ සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී ඊයේ (6) අනතුරක් සිදු වුණා.
අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ලොහාන් රත්වත්තේ බීමතින් රිය පදවා ඇති බවයි.
ඒ අනුව බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදු කිරීමේ චෝදනා මත පොලීසිය ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොටදී, මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදාහැරුණේ පෙරේදා (05) දිනයේ යි.