පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ඇත්තටම සිදුවී ඇත්තේ කුමක් දැයි චැනල් ෆෝ වීඩියෝවෙන් ඕනෑම කෙනකුට හොඳටම තේරුම් යන බව හිටපු ජනාධිපති මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
“බැලුවහම වෙලා තියෙන්නේ එදා කිව්ව දේට වෙනස් දෙයක්” යනුවෙන් ද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අවුරුදු 4ක් තිස්සේ තමන්ට දිය හැකි සියලුම වද දුන් බවත් නඩු තීන්දුද ලබා දුන් බවද ඔහු තවදුරටත් සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කරන පරිදිම තමාද මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.