මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නැතිලු

රටේ පවතින ආර්ථික අර්බුදය වැරදි ලෙස හසුරුවා ගැනීමට තමා ඇතුළු ආණ්ඩුවේ කිහිප දෙනෙකු වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මූල්‍ය අක්‍රමිකතා සහ ආර්ථිකයේ අවභාවිතය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එකඟ වන්නේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ එම තීන්දුව පිළිනොගන්නා බවයි. එම තීන්දුව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ඉදිරියේදී ලැබෙනු ඇති බව ඔහු විශ්වාසය පළ කළා. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බදාදා (15) රාත්‍රියේ මහනුවර දළදා සමිඳුන් වැඳපුදා ගනිමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles