බොහෝ පැරණි දේශපාලන චරිත මේ වෙද්දී මිය ගිය පරඬැල් බවට පත් වී ඇතැයි සමගි ජනබලවේගය පවසනවා. එවැනි පිරිසකට නූතන තාක්ෂණ ලෝකය තේරුම් ගැනීමට නොහැකි වී ඇති බවයි සමගි ජනබලවේගයේ මාධ්‍ය සාකච්ඡාවකට ඊයේ (3) එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසුවේ.
දැනට පාර්ලිමේන්තුවේ සිටින 225කින් බොහෝ දෙනෙක් ඉදිරි මැතිවරණයේදී පරාජයට පත් වෙනු ඇති බවත්, වලව් දේශපාලනය අවසන් වී ඇති බවත් එහිදී සඳහන් කෙරුණා.
චන්ද්‍රිකා, සිරිසේන පමණක් නොව මහින්ද රාජපක්ෂ පැමිණියත් මිනිසුන් ඡන්දය නොදෙන බවත් මියගිය පරඬැල් බවත් මරික්කාර් මන්ත්‍රීවරයා පවසනවා. මෙය වලව් පොළොවට සමතලා වී යන කාලයක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.