හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ගමන් ගත් ජීප්රථය මතට මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත් කවුන්ටරයේ බැරියරය පතිත කර එම රථයට හානි කළැයි පොලිස් විමර්ශනයක් අරඹා තිබෙනවා.
ඊයේ (28) උදේ 9.30ට පමණ මේ සිදුවීම සිදුව ඇති අතර අතිසුඛෝපභෝගී ජීප් රථයේ ඉදිරි වීදුරුවට සහ රථයට හානි සිදුව තිබෙනවා. ඒ කුරුණෑගල යග්ගහපිටිය පිටවීමේ දොරටුවේදීයි.
අනුරාධපුරය වෙත හිටපු ජනපතිවරයා සහ හිටපු අමාත්‍යවරයා ගමන් කරමින් සිට ඇති අතර පොලිස් යතුරු පැදියක් සහ ආරක්ෂක රථයක්ද පෙරටුවේ ගමන් කර තිබෙනවා. කෙසේ වෙතත්, පොලිස් යතුරු පැදිය සහ ආරක්ෂක පෙරගමන් රථය පිටවූ සැණින් ප්‍රවේශපත්‍ර කවුළුවේ සේවකයා බැරියරය පහත දමා ඇති අතර එය ජීප් රථය මතට වැටී කැඩී ගොස් තිබෙනවා.
මෙම සේවකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පැවසෙන්නේ. මීට මාස කිහිපයකට පෙර මෙලෙසම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ රථයටද මෙලෙසම සිදුව තිබෙනවා.