හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හදිසියේ දැඩිව රෝගාතුරව ඇති බවට පැතිර ගිය සටහන් සාවද්‍ය බව Factcrescendo – Sri Lanka ආයතනය පවසනවා.
ඔහුට සමීප මූලාශ්‍ර ඔස්සේ ගොස් තමන් එය තහවුරු කරගත් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. සැප්තැම්බර් 25 දින සවුදි තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ උත්සවයකට ඔහු සහභාගි වූ බවත් ඊයේ 27 පාමංකඩ උත්සවයකට සහභාගි වූ බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා.