ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කිරිම එම පක්ෂයේ හෝ පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවය නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
2015 මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතුව සහ මැයි 09 අරගලයට හේතුව කුමක්දැයි මෙරට ජනතාව හොඳින් දන්නා බැවින් නාමල් රාජපක්ෂ ජනපති අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම අභියෝගයක් නොවන බවද ඔහු කියා සිටියා.
මහින්ද රාජපක්ෂට වඩා ජනතාවට තරහ ඇත්තේ නාමල් රාජපක්ෂ සමඟ බවයි ඔහු සඳහන් කරන්නේ.
නාමල් අපේක්ෂකත්වයට පත් කිරීම පොහොට්ටුවේ යම් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස එක්ක ගහන ඩීල් එකේ ප්‍රතිඵලයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“මහින්ද රාජපක්ෂ ඊයේ මාව හම්බුණ වෙලාවෙත් කිව්වේ මේ නාමල්ට පිස්සු කියලා. දරුවෝ මොන වැරැද්ද කරත් ගේ ඇතුළේ බැනලා හරි මම දරුවා වෙනුවෙන් පෙනී හිටින්න එපැයි වගේ එකක් තමයි ඔහු කිව්වේ.” යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියා.