නාමල් රජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීමට තවත් වයස තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය සම්බන්ධයෙන් විමසූ විටයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
ඒ කොළඹ 7 ධර්මායතනයේ දී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් බව ද ඔහු සඳහන් කළා.