රාජපක්ෂට තඩි බෑ මහින්දානන්දගෙන් පොලිස් ප්‍රශ්න කිරීමක්වත් කර නැහැ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දුන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් මේ වන තෙක් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමට පොලිසිය මෙතෙක් ක්‍රියා කර නැතැයි වාර්තා වෙනවා.

එහෙත් එම අවස්ථාවේ සිටි වෙනත් මන්ත්‍රීවරුන් හතරකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ, ගම්පහ මන්ත්‍රී මධුර විතානගේ, පොළොන්නරුව මන්ත්‍රී ජගත් සමරවික්‍රම යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ගැටුමේදී බරපතළ තුවාල ලැබූ රාජපක්ෂ මන්ත්‍රීවරයා තමාට මහින්දානන්ද මන්ත්‍රීවරයා අතින් පයින් පහර දුන් බවට ප්‍රකාශයක් ලබා දුන්නද පොලිසිය සියලු විමර්ශන අවසන මහින්දානන්ද මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ.

මෙයට සමාන වෙනත් සිදුවීම්වලදී පොලිසිය ක්‍රියාකරන ආකාරයෙන් සපුරා වෙනස්ම මෙහිදී ක්‍රියාකරන බවයි සමහර වෙබ් අඩවි වාර්තා කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles