පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් කළ පහර දීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා විසින් කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සමග මන්ත්‍රීවරයාගේ ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මෙම පහරදීම නිසාවෙන් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයේ අස්ථියක් බිඳී ඇති බවත් ශල්‍යකර්මයකින් ඊට යකඩ තහඩු යොදා ඇති බවත් රෝහල් ආරංචිමාර්ග පවසනවා.
මන්ත්‍රීවරයා තවදුරටත් යුද හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
පැමිණිල්ලට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසුවද ශ්‍රී ලංකා පොලිසිය විසින් තවමත් අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැති බවයි වාර්තා වන්නේ.