අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් බව කියන රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ලෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධ නඩුවට අදාළව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අප්‍රේල් 25 වැනි දා ලබා දීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
2012.10.30 වැනි දා හා 2013.04.20 වැනිදා කාලය තුළ එකී වරද සිදුකිරීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙ. නි. සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න හා ජ්‍යෙ. නීතිඥ කාංචන රත්වත්තේ වාචික දේශන ඉදිරිපත් කරනු ලැබුවා.