තැපෑල අඛණ්ඩ වර්ජනයේ

නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් බවට පරිවර්තනය කිරිම සදහා විකිණීමට විරෝධය පාමින් (09) දින සිට අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සමාජිකයන් පවසනවා.

විරෝධතාවයට පැන නැගෙන ඕනෑම නීතිමය තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බවත් , නුවරඑළියේ සම්පත් කිසිසේත් විකිණීමට ඉඩ ලබා නොදෙන බවත් ඔවුන් කියා සිටිනවා.

නුවරඑළිය තැපැල් කාර්යාලය පෞද්ගලික හෝටලයකට විකිණීමට එරෙහිව (09) දින සිදු කිරිමට නියමිත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිලිබදව මාධ්‍ය දැනුවත් කරමින් ඔවුන් මේ බව කියා සිටියා.

මෙහිදි ඒකාබද්ධ වෘත්තිය සමිති සමාජිකයන් කියා සිටියේ

සියලු සංගම් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් හා ස්වේච්ඡා  සංවිධානයන්හි නියෝජිතයන්  අදහස් දක්වමින් කියා සිටියේ පෞරාණික වටිනාකමකින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට එරෙහිව උද්ඝෝෂණයක් හෙට දින සිට ආරම්භ කිරීමට සූදානම් වන අතර , තැපැල් කාර්යාලය ඇතුළු නුවරඑළිය වටිනා සම්පත් කිසිවක් කිරීමට වර්තමාන රජයට හා ජනාධිපතිවරයාට ඉඩ ලබා නොදෙන බවත් උද්ඝෝෂනය තුල දී ඇතිවන ඕනෑම නීතිමය ගැටලූවකට මුහුණ දීමට සූදානම් බවත්, තැපැල් කාර්යාලය විකිණීමෙන් සැලසුම හකුලා ගන්නා තුරු අඛණ්ඩව උද්ඝෝෂණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වුවද තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles