පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු 417 සහ අපරාධ කිහිපයකට අදාළ නඩු කිහිපයක් පවතින බවත් ඒවා හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට ලක්ව සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කරනවා.
තමාට එරෙහිව විශාල නඩු ප්‍රමාණයක් පවතින බැවින් අත්අඩංගුවට පත්වනු ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි තැති ගැන්මකින් යුතුව සිටින බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ජයසේකර මන්ත්‍රීවරයා පවසා සිටියා.
අත්අඩංගුවට පත්වනු ඇති බවට පවතින බිය තව දුරටත් වර්ධනය කිරීම සඳහා නිදහස් පක්ෂය පාවා දෙමින් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගත් පිරිස කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කරනවා. එම බිය නිසාවෙන් ඔවුන්ගේ අරමුණු අනුව හිටපු ජනාධිපතිවරයා කටයුතු කරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ