ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ මැයි මස 09 වැනිදා දක්වා බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව අද (18) කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.