හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට දුන් කටඋත්තරය නීතීපතිවරයා වෙත යොමු කර ඇතැයි බව වාර්තා වෙනවා.
2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මහනුවර දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (25) දා පැය හයකට ආසන්න කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කර රහස් පොලිසිය මඟින් තොරතුරු ලබා ගෙන තිබෙනවා.
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පොලිස්පතිවරයාට උපදෙස් දීමෙන් අනතුරුව රහස් පොලිසිය කළ කැඳවීමටකට අනුව මෛත්‍රීපාල සිරිසේන රහස් පොලිසිය හමුවේ පෙනී සිටියා.
ඒ අනුව මෙලෙස ලබා ගත් ප්‍රකාශය ඉදිරි නෛතික කටයුතු සඳහා මෙලෙස නීතීපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.