දේශද්‍රෝහි මෛත්‍රීපාල අත්අඩංගුවට ගනු: මහජන පෙත්සමක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මහජන පෙත්සමක් අත්සන් කිරීම ඊයේ (20) කොළඹ කොටුවේ දී ආරම්භ කෙරුණා. සාමාන්‍ය ජනතාව බොහෝ පිරිසක් මීට අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.

පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙන දා පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස පවසා බැනර් එල්ලා ඇති අතර, දේශද්‍රෝහි මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගන්නැයි ද ඒවායේ සඳහන් කර තිබුණා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයාට එහිදී පිරිස බල කරනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දන්නා තොරතුරු හෙළිකරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles