කාම්බෝජයේ පැවති ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ දී හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන වෙත සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපතිධූරය ලබා දී තිබෙනවා.
ඒ කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර පසුගිය දා ( 21 සිට 25) පැවැත්වුනු විශ්ව සාම සම්මේලනයට අනුබද්ධව පැවති ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ දී.
මෙම අවස්ථාවට රටවල් 50ක පමණ ලෝක නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශේෂ නියෝජිතවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.
ලෝක සාමය උදෙසා 1987 වසරේදී දකුණු කොරියාවේ ආරම්භ කරනු ලැබූ ලෝක සාම සම්මේලන කවුන්සිලය, 2019න් පසු ජාත්‍යන්තර සාමය සඳහා වන සමුළු කවුන්සිලය ලෙස ප්‍රකාශය පත් වූ අතර ප්‍රජාතන්ත්‍රවාදය, තිරසාර මානව සංවර්ධනය, ආරක්ෂාව හා සාමය එහි ප්‍රධාන අරමුණු වුණා.
ලොව පුරා රටවල් 110ක පමණ රාජ්‍ය නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන් හා පර්යේෂකයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දරනවා.
විශ්ව සාම සම්මේලනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සමාජ හා සංස්කෘතික කවුන්සිලය හා සම තත්ත්වයේ පවතින බවයි සඳහන් වෙන්නේ.
එහි මූලස්ථානය දකුණු කොරියාවේ සියොල් නුවර පිහිටා ඇති අතර එහි ජාත්‍යන්තර ලේකම් කාර්යාලය එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා තිබෙනවා.