මෛත්‍රී – දයාසිරි නැවත මිතුරු වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අධිකරණය ලබා දුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහු සමඟ එක්ව කටයුතු කරන බවයි හිටපු ජනපති කියා සිටියේ.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජයසේකර මන්ත්‍රීවරයාද අදහස් දක්වමින් කියා ඇත්තේ මතභේද අමතක කර මෛත්‍රී සමඟ පක්ෂය වෙනුවෙන් කැපවෙන බවයි.

කෙසේ වෙතත්, ශ්‍රීලනිප මෛත්‍රී පිල විසින් පත් කර ගත් සභාපති වන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ එම ධුරය වාරණය කරමින් අධිකරණ නියෝගයක් පනවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles