අද (29) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ දී පැවැත්වුණා.
එහිදී මාධ්‍ය විසින් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අලුතෙන් නිර්මාණය වන සන්ධානය පිළිබඳව විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ එය ඉතා නුදුරේදී හෙළි කරන බවයි.
කෙසේ වෙතත්, තමන් නිර්මාණය කරන සන්ධානයට හිසේ කෙස් ගාණට පක්ෂ එකතු වෙන බව ඔහු විශ්වාසයෙන් කියා සිටියා. එපමණක් නොව, නිමල් ලාන්සා ඇතුළු පිරිසද එම සන්ධානයට අයත් වෙන බවයි ඔහු පවසන්නේ.
එසේ ම ජනාධිපතිවරණය වෙනුවෙන් අලුත් හොඳ අපේක්ෂකයෙක් ගෙන එන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. මොන පක්ෂ සම්බන්ධ වුවත් එහි නායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව එහිදී පැවසුණා.